. මාතලේ සුන්දර සේර ඇල්ල බලන්න යමු

මාතලේ සුන්දර සේර ඇල්ල බලන්න යමු

මේ ලිපිය තුළින් අප කතා කරන්නේ නක්ල්ස් කදු පන්තිය ආශ්‍රිතව පිහිටා ඇති තවත් ඉතාමත් මනරම් දිය ඇල්ලක් වන සේර ඇල්ල පිළිබඳවයි. උසින් මීටර 10ක් පමණද පළලින් මීටර 25ක් පමණ වන මේ රමනීය දිය ඇල්ල පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය තුළයි.

(Image: Isuru Dissanayaka from facebook)

ලංකාවේ ගොඩක් දෙනෙක් සංචාරය කරන ස්ථාන අතර රිවර්ස්ටන් හා පිටවල පතන යන ස්ථාන කැපී පෙනෙනවා. ඒ අසල මානයේම පිහිටි තවත් සංචාරකයින් නොයන ආකර්ෂණීය ස්ථානයක් ලෙස සේර ඇල්ල හැදින්විය හැකිය. ඔබ රිවර්ස්ටන් වෙත ගමන් කරන්නේ නම් ඔබේ සංචාරයේ කොටසක් ලෙස සේර ඇල්ලද තෝරා ගැනීමට ඔබට පුලුවන.

මාතලේ සිට රත්තොට හරහා රිවර්ස්ටන් කන්ද හා පිටවල පතන පසුකොට ඉදිරියටම ගිය විට සේර ඇල්ලට යන හන්දිය හමුවෙනවා. එම හන්දියෙන් වමට තිබෙන මාර්ගය කෙලින්ම ගමන් කරන්නේ පොත්තටවෙල ගම්මානයටය. මේ ගම්මානයේ අප මේ කතා කරන සේර ඇල්ල පිහිටා ඇත.

වර්ෂා කාලයට දිය ඇල්ල ඉතා මනරම් දසුන් මවාලමින් කඩා හැලෙයි. ඇල්ල පහලට පෙනෙන දර්ශනය ඉතාමත් දැකුම්කලු වෙයි. මෙම දිය ඇල්ලේ ඇති සුවිශේෂීතාවක් වන්නේ ඇල්ලට පසුපසින් ඇති ගුහාවට ගමන් කළ හැකි වීමයි. එම ගුහාවේ සිට මේ දිය ඇල්ල පේන දර්ශනය වෙනත් දිය ඇලි වලින් ගත නොහැක්කකි. එය ඔබට කදිම අත්දැකීමක් වනවා නොඅනුමානය.

සේර ඇල්ල නැරඹීමට සුදුසුම කාලය වන්නේ වැසි කාලයයි. ඇල්ල අසල දිය නෑම කළ හැකිමුත් ඇල්ල කඩා හැලෙන ස්ථානය ගැඹුරු බැවින් එම ස්ථානයේ දිය නෑම නොකරන්න. ඇල්ලට තරමක් පහලින් යහමින් දිය නාගත හැකි ස්ථාන රැසක්ම තිබෙන බවද සලකන්න.

ලංකාවේ කොහේ ඔබ සංචාරය කලත් පොලිතීන් ප්ලාස්ටික් වලින් එම ස්ථාන විනාශ කිරීමෙන් වලකින්න. එය මෙම දිය ඇල්ල වෙතටද වලංගු වන අතර ඔබේ විනීත හැසිරීමද මෙම ගම්මානයේ ජනයා අපේක්ෂා කරයි. එසේනම් මාතලේ සංචාරක ස්ථාන සොයන ඔබ එම ලැයිස්තුවට මෙම සේර ඇල්ලද ඇතුලත් කරගන්න.

නක්ල්ස් දිය ඇලි ගැන තවත් කියවන්න:

තාලිය වැටුණු ඇල්ල

හුලුගග ඇල්ල


0 Comments