. සිරිපා යන අතරතුර ලක්ෂපාන ඇල්ල ත් බලාගෙනම යමු

සිරිපා යන අතරතුර ලක්ෂපාන ඇල්ල ත් බලාගෙනම යමු


ලක්ෂපාන ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ අටවන ස්ථානය ගන්නා වූ දිය ඇල්ලයි. උසින් මීටර 126ක් වන මෙම දිය ඇල්ල ලෝකයේ උසම දිය ඇලි අතර 625 වන ස්ථානය ගනු ලබයි. දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය.

(Image Credit: Rajith Virajana)

ලක්ෂපාන දිය ඇල්ල පෝෂණය වන්නේ කැළණි ගගේ අතු ගංගාවක් වන මස්කෙළිය ඔයෙනි. පැරණි මූලාශ්‍රවලට අනුව බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද්ස්ථානයට වැඩම කරන අතරතුර මෙම ඇල්ල අවට ප්‍රදේශයේදී ඉරුණු සිවුර පිරියම් කරගත් බව පැවසේ. ලංකාවේ පැරණිම ජල විදුලි බලාගාරයක් වන ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේද මෙම දිය ඇල්ල ආශ්‍රයෙනි. මෙම දිය ඇල්ල පළමුවරට සොයාගෙන ඇත්තේ දඩයමේ ගිය වැද්දෙකු විසිනි. ඒ නිසා වැද්දාගේ ඇල්ල ලෙසද මෙම දිය ඇල්ල හැදින්වේ.

ලක්ෂපාන ඇල්ලද අනෙකුත් දිය ඇලි සේම පිහිටා ඇත්තේ කදුකරයේ කොළඹ සිට කිලෝමීටර 122ක් පමණ දුරකිනි. කොළඹ සිට ගිනිගත්හේන මාර්ගයේ කළුගල හන්දියෙන් හැරී කෙහෙල්ගමුව හගරාපිටිය හරහා කොත්තැල්ලෙන ගමට ගොස් කිලෝමීටරයක් පමණ අඩි පාරකින් ගමන් කළ විට දිය ඇල්ල හමුවේ. ඇල්ලට පිවිසිය හැකි අනෙක් මාර්ගය වන්නේ නෝර්ටන්බ්‍රිජ් මස්කෙළිය මාර්ගයේ කිලෝමීටර 8.3ක් ගමන් කර හමුවන 4 කණුව හන්දියෙන් හැරී කිලෝමීටර 2ක් ගොස් කොත්තැල්ලෙනට පැමිණීමෙනි. ඔබ නෝටන්බ්‍රිජ් හරහා යන්නේ නම් ඇල්ල පාමුලට යාමට ප්‍රථම ඇල්ලේ ඉහළට යාමට ඔබට හැකිය.

දිය ඇල්ලේ පහළ ඇති ජල තටාකය දිය නෑමට සුදුසු නොවන්නේ එහි ගැඹුර වැඩි නිසාය. වැසි කාලයට පිණි බිදු ඈතට විසි කරමින් ඇද හැලෙන ලක්ෂපාන ඇල්ල අතිශය ප්‍රචණ්ඩය. ඇල්ලේ ඉහළ ජල විදුලි නිෂ්පාදනය සදහා ජලය පාලනය කරන බැවින් වැසි රහිත කාලයට ඇල්ලේ ඇත්තේ කුඩා ජල කදකි. දිය ඇල්ලේ පහල කොටසේ දිය නෑමට ස්ථාන කීපයක්ම ඇත.

ලක්ෂපාන දිය ඇල්ල අසලම පිහිටි තවත් දිය ඇල්ලක් වන්නේ ඇබර්ඩීන් ඇල්ලයි. ජනප්‍රවාදවලට අනුව ඇබර්ඩීන් ඇල්ල හා ලක්ෂපාන ඇල්ල යාවන උමගක් වූ බවද පැවසේ. ඔබ හැටන් නල්ලත්න්නිය මාර්ගයේ සිරිපා කරුණා කරන්නේ නම් නෝටන්බ්‍රිජ්හි සිට කිලෝමීටර 5ක් පමණ දුරකින් වූ මෙම දිය ඇල්ල නැරඹීමට අමතක නොකරන්න.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි වෙනත් දියඇලි කීපයක් මෙසේය: 


0 Comments