. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුද්දන්ට බයේ සැගවුනු රජගල තරණය කරමු

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුද්දන්ට බයේ සැගවුනු රජගල තරණය කරමු


ලංකාවේ Hiking වලට හොදම කදු සොයන ඔබට ඒ සදහා සුදුසු තවත් කන්දක් ගැන තමයි අපි ඔබට ගෙන එන්නෙ. ප්‍රදේශවාසීන්ට අනුව මේ කන්දේ නම ‘රජගල’. මේ කන්ද පිහිටලා තියෙන්නෙ මහනුවර මහියංගන මාර්ගයේ මැද මහනුවර හා හුන්නස්ගිරිය යන නගර දෙක අතර ප්‍රදේශයේය. එනම් මහනුවර සිට කි.මි 35ක් වැනි දුරකිනි.

මේ කන්දේ ඓතිහාසික පසුබිම සොයා බැලුවොත් එය සියවස් කිහිපයක් ආපස්සට ගෙන යයි. එකල උඩරට රජවරුන් මහනුවරට ආක්‍රමණ එල්ල වනවිට නොයෙකුත් තැන්වල සැග වුණහ. ඒ සදහා භාවිතා කළ එක් ස්ථානයක් වන්නෙ මෙම රජගල කන්දයි. මෙම කන්දේ සිට මැදමහනුවරට උමගක් තිබූ බව පැවසේ. නමුත් අදවන විට එම උමග කිදා බැස ඇත.

මෙම කන්දට මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ ගලේකැලේ සිට කි.මි 2ක් පමණ යා යුතු වේ. ඔබ මෙකී කන්ද තරණයට පැමිනෙන්නේ නම් ප්‍රදේශවාසීන් ගෙන් මාර්ගය අසාගෙන යාමට අමතක නොකරන්න. මන්ද මෙකී කන්ද තරණය ඉතාම කටුක එකකි. මෙය තරණය කළ අපද ගමන් කලේ වැටී තිබූ අඩිපාරවල් ඔස්සේ නව මාර්ග සකසා ගනිමිනි.

ප්‍රධාන මාර්ගයේ සිට පැය එක හමාරක් වැනි කාලයක් ඇතුලත ඔබට මෙම කන්ද මුදුනට ලගාවිය හැකිය. ගස්කොලන් වලින් වැසී ඇති කැළයක් නිසා සමහර ස්ථානවලින් ගමන් කිරීම ඉතා අපහසු වේ. එසේම වැසි කාලයට කූඩැල්ලන්ගේ රාජධානියකි. කන්ද මුදුනේ තැන් දෙකකින් පමණ අවට පරිසරය පෙනෙන අතර චමත්කාර වටපිටාවක් එහිදී ඔබට දැකගත හැකිය.

කන්ද මුදුනේ ඇත්තේ ගරාවැටුනු පැරණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගාවයි. එය කාමර කිහිපයකින් යුක්ත වූ බව සිතිය හැකි නටඹුන් ඇත. එසේම අසල උල්පතක් ඇති අතර එය එකළ මාලිගයට අවශ්‍ය ජලය ලබාගන්නට භාවිතා කරන්නට ඇත. අද වනවිට එහි ජලය දූෂණය වී ඇත. කන්ද මුදුනේ ජලය නොමැති බැවින් ඔබ මෙම කන්ද තරණය කරන්නේ නම් ජලය අනිවාරයයෙන් රැගෙන යන්න. එසේම කූඩැල්ලන්ගෙන් බේරීමට විකල්පයක් ද රැගෙන යන්න.

කන්ද මුදුනේ ඔබට ඇත්තටම දැකිය හැකිවන්නේ පැරණි රජ මාලිගයයි. මෙම ගරාවැටුනු මාලිගය ප්‍රතිසංස්කරණය කර හැකිනම් මෙම කන්දත් සංචාරකයින්ගෙන් පිරී යනු ඇත. එසේම එහි ගමන් මාර්ගය පිලිසකර කල හැකිනම් තවද සංචාරකයින් පැමිණෙනු ඇත. කන්දේ සමහර ස්ථාන නිදන් හොරුන් නිසා විනාශ වී ඇත.

එහෙනම් ත්‍රාසය හොයන Hiking වලට කැමති ඔබ සැමට මෙම කදු තරණයට ආරාධනා කරන අතරම මෙහි යන්නෙ නම් මෙම බ්ලොගය ලියන අපගෙන්ද උපදෙස් හා මාර්ගෝපදේශය ලබාගත හැකිය. කැමති අය වේ නම් මෙම බ්ලොගයේ Contact Us පිටුවෙන් අප හා සම්බන්ධ වන්න. රාජගල කන්ද ගැන තවත් විස්තර මෙතනින්

මේ මැදමහනුවර හා හුන්නස්ගිරිය ප්‍රදේශවල තවත් සංචාරක ස්ථාන කීපයක් මෙසේය. ඒවාත් කියවන්න.

0 Comments